කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්

කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්

by Staff writer 04-10-2020 | 10:34 PM

COLOMBO (News 1st) :  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිටදී අද පෙරවරුවේ නිහඬ විරෝධතාවක් පැවැත්විය.

ඒ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලමින් ය. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සහ එම ප්‍රහාරයෙන් ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයින්ගේ පවුල්වල සමාජිකයන් මෙන්ම අප්‍රේල් 21 ප්‍රහාරයට මුහුණ දුන් පුද්ගලයන්ද මෙම අවස්ථාවට සහභාගී විය. විරෝධතාකරුවන්ගේ අදහස් -
මැරිච්ච අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න. මැරිච්ච අය මැරිලා ඉවරයි අපේ පවුල් කඩා ඉහිරිලා අපිට යන එන මං නැතුව ගිහිල්ලා අපි විනාශ වෙලා ඉන්නේ. මගේ පවුලයි දරුවයි දෙන්නම නැතිවුණා කටුවාපිටිය බෝම්බ ප්‍රහාරයෙන්.සාධාරණ විසඳුමක් අපිට අවශ්‍යයි. එහෙම නැති වුණොත් දෙවියන් වහන්සේ තමයි ඒක බලාගන්න ඕන. අපිට ඉතින් මේකෙන් තේරෙන්නේ මේ ඉන්න දේශපාලනේ සේරම එකයි.බෝම්බ ගහපුවත් දේශපාලන කේස් තමා.ඔය 225 ම එකයි. තාම මම සම්පූර්ණ සුව වෙලත් නෑ. මගේ මේ ඉල ඇටේ බිදිලා තියෙන්නේ. ඉතින් මේ සාධාරණය කියන දේ කිසිම දෙයක් ඉෂ්ඨ වෙලා නෑ අද තව වෙනකන් අපිට අපි තවම මේ පාරවල්වල ඉන්න තැන නැති කරගෙන මහ පාරට වැටිච්ච ඇත්තම කෙනෙක් අපි.