ගිනි අවි ළඟ තබා ගත් දෙදෙනෙකු රත්නපුරේදී කොටු

STF මෙහෙයුම්කින් ගිනි අවි ළඟ තබා ගත් දෙදෙනෙකු රත්නපුරේදී කොටු

by Staff writer 03-10-2020 | 5:45 PM

COLOMBO (News 1st) : රත්නපුර, දම්බුළුවන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකින් ගිනි අවි හා නීති විරෝධී මත්පැන් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවෙකු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, පතරොම් 4 ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 33 ක් සොයාගත් බවයි. 39 හැවිරිදි සැකකරු කහවත්ත, දම්බුළුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර දම්බුළුවන, බඩඅමුව ප්‍රදේශයේ කළ තවත් වැටලීමකින් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, කඩු 2ක් හා පතරොම් කිහිපයක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මන්නාරම, අඩම්පන් ප්‍රදේශයේ කළ තවත් මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 2ක් කැළෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගත් බවයි. මේ අතර නොච්චියාගම, නිකවැව මාර්ගයේ ළිඳවැව රක්ෂිතයේ කළ මෙහෙයුමකදී සඟවා තිබී තවත් ගිනි අවි 2ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත්ව තිබේ. තිස්සමහාරාම, කාවන්තිස්සපුර, වැහිහේන ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි 30 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනිණි.