New Diamond දිවයිනට නාවික සැතපුම් 70 ක් පමණ ඈතට..

New Diamond නෞකාව දිවයිනට නාවික සැතපුම් 70 ක් පමණ ඈතට...

by Staff writer 03-10-2020 | 12:41 PM

COLOMBO (News 1st) - New Diamond නෞකාව මේ වනවිට දිවයිනට නාවික සැතපුම් 70 ක් පමණ ඈතින් ඇතැයි නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව පැවසුවේ, ගිනි ගැනීමට ලක් වූ New Diamond නෞකාව ඇදගෙන යාම ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී ඇති බවය. අදාළ මුදල් හා වන්දි ලබාදීමේ පදනම මත ඇදගෙන යාම ආරම්භ කිරීමට එලෙස අවසර ලබාදී ඇති බව නාවික හමුදාව පැවසීය. නාවික හමුදාවට අයත් සමුදුර සහ සාගර නෞකා මගින් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඇදගෙන යාම ආරම්භ කිරීම පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බව ද නාවික හමුදාව පැවසීය.