COLOMBO (News 1st) : නුවරඑළියේ ක්‍රිස්ලර්ස් ෆාම් වතුයායේ පිහිටි නිවසකට කොටියෙකු පැමිණෙන ආකාරය එහි සවි කර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.
කිසිවෙකුට නෑසෙන සේ පැමිණ නිවසේ නිදා සිටි සුනඛයෙකු ඩැහැගත් කොටියා පිටතට දිව ගිය අයුරු එහි සටහන්ව තිබුණි.
ගම්වැසියන් -
"මෙතන හිටියේ අරහෙන් තමයි ආවේ. බෙල්ලෙන් අල්ලගෙන තමයි අරන් ගියේ අර පැත්තට"
"බල්ලාව බිස්කට් එකක් වගේ අරගෙන ගියේ. ඒ බල්ලා කිලෝ 25ක විතර සතෙක්"
ක්‍රිස්ලර්ස් ෆාම් වතුයායේ පවුල් 200 ක් පමණ ජීවත් වන අතර මෙලෙස ගම් වදින කොටින් හේතුවෙන් ඔවුන් භීතියට පත්ව සිටී.
මීට පෙර අවස්ථා ගණනාවකදී කොටින් පැමිණ නිවෙස්වල ඇති කරන සතුන් කුකුළන්, බළලුන් හා සුනඛයින් රැගෙන ගියත් පුද්ගලයෙකුට හානි සිදු කර නොමැත.
ගම්වැසියෙක් -
"මාස තුනකට ඉස්සෙල්ලා. පල්ලෙහා ගෙදරට ඇවිල්ලා කුකුල් කූඩුව කඩලා කුකුලෝ ටික අරගෙන ගියා. දෙන්නෙක් ආවා එතකොට. පෙරේදා ආපු ගෙදර මීට කලින් දෙන්නෙක් ආවා. පොඩි ළමයි හවසට 40 ක් 50 ක් විතර එනවා හවසට. පාරේ කොටි ඇවිදිනවානේ. එක ළමයෙක් උස්සන් ගියොත් එහෙම ඉවරයි"
ගම්වැසියන් පැවසුවේ , සිංගිමලේ රක්ෂිතයේ සිටින කඳුකර කොටින් මෙලෙස නිවාසවලට පැමිණෙන බවයි.
වසරකට පමණ පෙර ක්‍රිස්ලර්ස් ෆාම් වතුයායේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි වතුයායක් තුළ කොටියෙකු මද්දකට හසුව
මියගොස් තිබුණි.
ප්‍රදේශවාසියෙක් -
"කොටියා තුන්පාරක් විතර අපේ ගෙදරට ඇවිල්ලා ඇවිල්ලා යනවා. පළවැනි පාරට ඇවිත් එක බල්ලෙක් අරන් ගියා. තුන් වැනි පාරට ඇවිත් තව බල්ලෙක් අරන් ගියා. පොඩි එක්කෙනා තමයි ගොඩක් ඉන්නේ. අපිටත් ඉන්න බයයි. මේකට මොනවා හරි කරල අයින් කරලා දෙන්න. කොහොම හරි අපිව බේරලා දෙන්න"
https://www.facebook.com/NewsfirstSL/videos/374133010419365/