News 1st මොණරාගල වාර්තාකරු සිසිරට ප්‍රහාරයක්

වැලි ජාවාරමක් වාර්තා කිරීමට ගිය News 1st මොණරාගල වාර්තාකරු සිසිර විජේනායකට ප්‍රහාරයක්

by Staff writer 03-10-2020 | 10:48 PM

COLOMBO ( News 1st ) : නිව්ස්ෆස්ට් මොණරාගල ප්‍රාදේශිය වාර්තාකරු සිසිර විජේනායක මහතාට කිසියම් පිරිසක් පහර දී තිබේ.

ඒ,කුඹුක්කන්ඔයේ සිදුවන බව කියන වැලි ජාවාරමක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදීය. පහරකෑමෙන් තුවාල ලැබු සිසිර විජේනායක මහතා මේ වනවිට මොණරාගල රෝහලට ඇතුළත් කර ඇත. පහරදීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.