මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ල ගැන අතුරු වාර්තාවක්

මහනුවර ගොඩනැගිල්ලේ සියලු සුන්බුන් ඉවත් කරන තෙක් මහල් කිහිපයක සංයුතිය ගැන නිගමනයකට එළැඹිය නොහැකියි - NBRO

by Staff writer 03-10-2020 | 12:36 PM
COLOMBO (News 1st) - ගිලාබැසීමට ලක් වූ මහනුවර, බූවැලිකඩ ගොඩනැගිල්ලේ සියලු සුන්බුන් ඉවත් කරන තෙක් මහල් කිහිපයක සංයුතිය පිළිබඳව නිගමනයකට එළැඹිය නොහැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අතුරු වාර්තාව මගින් පෙන්වා දී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි. පසුගිය 20 වැනිදා අලුයම, බූවැලිකඩ මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් යුවළක් සහ ඔවුන්ගේ බිළිඳිය මිය ගියා ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.