COLOMBO (News 1st) : මීට මාස කිහිපයකට පෙර දඹූල්ල නගරයේ A 6 හා A 9 මාර්ග දෙක එකිනෙක සම්බන්ධ කරන පාලම යට පවුල් 3 ක 7 දෙනෙකු ජීවත් විය.
නමුත් දැන් ඔවුන් එතන නැහැ .
මේ පිළිබද තොරතුරු නිව්ස්ෆස්ට් දඹුල්ල වාර්තාකරු ප්‍රදීප් ගුණවර්ධන අපට පැවසූ වහාම අප ඒ පිළිබඳ ඔබට වාර්තා කළෙමු.
එම ප්‍රවෘත්තිය විකාශය වීමෙන් අනතුරුව ගම්මැද්ද කාර්යාලයට දහස් ගණන් දුරකතන ඇමතුම් පැමිණියේ මෙම පවුලට පිහිටක් වීමට දායක වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු කරමින් ය.
ඒ අතර එක් විශේෂ දුරකතන ඇමතුමක් තිබුණි.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා දුරකතනයෙන් අප අමතමින් පැවසුවේ ඔහුද මේ පවුලට පිහිට වීමට සූදානම් බවයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර , මහේල ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු මිතුරන් පිරිස මේ කර්තව්‍යයට සිය දායකත්වය ලබා දුන්නේ ය.
තවත් අභියෝගයකි.
නිවාසය ඉදිකිරීමට භූමියක් අවශ්‍යව තිබුණි.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා මේ පවුලට ඉඩමක් ලබාදී ඉදිකිරීම් කටයුතුවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ශ්‍රම දායකත්වය ද ලබා දුන්නේ ය.
ඒ අනුව ගම්මැද්ද සම්බන්ධීකරණයෙන් කුඹුක්කදන්වල ගොවි ගම්මානයේදී අද පෙරවරුවේ ශ්‍රීයානි ඇතුළු ඇයගේ පවුලට මෙම නිවස හිමිවිය.
අද එම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර හා දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් පී එදිරිසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.
ශ්‍රියානි මහත්මිය
මම වගේ මගේ දරු දෙන්නා පේමන්ට් එකට යන්නේ නෑ. ඉස්සර නම් මට හරි දුකක් තිබ්බේ. ඒ වේදනාව මම දන්නවා.
මේ අතර මීට සමගාමීව දඹුල්ල , කුඹුක්කඳන්වල ගම්මානයේ ප්‍රජාශාලාව ගම්මැද්ද සවිය සමිතියේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කර ජනතා අයිතියට පත් කිරීම ද සිදුවිය.
කැපිටල් මහරාජා සමූහයේ සමුහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා
රටේ ලෝකයේ නායකත්වය ගැන අපි ගොඩක් කතා කරනවා. ඒ වුණාට මනුස්සයෙක් සංවේදී වුණේ නැත්නම් ඒ නායකත්වයෙන් ජීවිතයේ ලබාගන්න ජයග්‍රහණ සියල්ලම අපතේ යනවා. මේ රටේ මොනාද අපිට අඩු. කිසිදේකින් අඩුවක් නෑ. එහෙම රටක ළමයින් ඉපදුනාට පස්සේ පාලමක් යටට අරන් යනවා නම් ලොකු ප්‍රශ්නයක් තියනවා. අවුරුදු 10ක් තිස්සේ අපි ගම්මැද්ද ව්‍යාපෘති කරනවා දැන්. අවුරුදු 10ක් තිස්සේ අපි ගම්මානවලට ඇවිදගෙන යනවා. ඒ හැම අවස්ථාවකම අපි දැකපු දෙයක් තියනවා. ඒ තමයි අපේ නිර්භීත හා ඉතාමත් දක්ෂ රාජ්‍ය සේවකයින්ගේ සහෝදරත්වය සහ ඔවුන්ගේ නායකත්වය අපි දැකලා තියනවා.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා
අපි කොරෝනා වසංගතයට මුහුණදෙන අතරතුර මේ නිවසේ වැඩකටයුතු ආරම්භ කළා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාර්යය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විදියට මම භාර දුන්නේ මේ වසම භාර ග්‍රාම නිලධාරීතුමියටත්, අපේ සංවර්ධන නිලධාරී මහත්මයා වන දමිත් මැතිතුමාටත්. මම හිතන්නේ ඒ දෙපළ මේ නිවස හදන වැඩේ තමන්ගේ වැඩක් විදියට සළකලා තමයි කටයුතු කළේ.
ගම්මැද්ද නව නිවසේ හිමිකාරිය ශ්‍රියානි මහත්මිය
අද ගෙයක් හම්බුණ එක මට හරි සතුටුයි. දරාගන්න බැරි සතුටක් තියෙන්නේ. තවත් මම හිතන්නේ මේ ගමේ මිනිස්සු, අක්කලා නංගිලා වගේම අපිත් ඉන්න ඕනේ කියලා ආසාවක් තියනවා. ඔය සමිති සමාගම් , ඔය පන්සල් ඔක්කෝටම මමත් යන්න ඕනේ කියලා ආසාවක් තියනවා. ඔයාලාට පුළුවන් වුණොත් අපිවත් ඔයාලගේ පවුලෙන් එක්කෙනෙක් කියලා එකතු කරගෙන එක්කන් යන්න .
https://www.facebook.com/NewsfirstSL/videos/2745989865721935/