පරිසරයට හානි කරන්නන්ගේ සිර දඬුවම් දීර්ඝ කරනවා

පරිසරයට හානි කරන්නන්ට පනවන සිර දඬුවම් දීර්ඝ කරනවා - මහින්ද අමරවීර

by Staff writer 03-10-2020 | 8:16 PM

COLOMBO (News 1st) : නීති දැඩි කර පරිසරයට හානි සිදු කරන පුද්ගලයින්ට පනවන සිර දඬුවම් දීර්ඝ කරන කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පරිසර අමාත්‍යවරයා පොළොන්නරුව, මනම්පිටියේදී මහවැලි ගඟ ආශ්‍රිතව සිදු කරන වැලි ගොඩ දැමීමට සම්බන්ධ පාර්ශව අද හමුවිය. වැලි ව්‍යාපාරිකයෙක් -
මේ පැත්තේ අපි බංකර 100 කට වඩා කරා. ඒ බංකර එහෙම්ම තියෙනවා පාරත් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ සර් රේල් පාර.රේල් පාරට සර් නෙට් එකක් දාලා යන්න දෙනවා . එතකොට සර් මේ පාර අවුරුදු 5 කට වහලා ඒ පැත්ත ගත්තාම මේ පැත්ත වැහෙනවා සර්. දැන් මේක උඩට ගන්න ගන්න වන ජීවී ගැටලුත් එනවා වැලි පිරෙන්නෙත් නැ පල්ලෙහාට.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා -
ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් තිබුණා මේ වැලි ගොඩ දැමීම සඳහා විවිධ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා වුණා. ඒ වගේම වැලි සංගම් රියැදුරු සංගම් ප්‍රවාහන සංගම් මේ සියල්ලම කොළඹ ගිහිල්ලා මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කළා. සියලු දෙනාගේ ඉල්ලීම පරිදි මංකඩ ක්‍රමය නැවත ඇති කරන්නත් දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාව ලබා දෙන්නත් සාධාරණ මිලකට වැලි ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. අපි ඇප් එකක් හදුන්වා දෙන්න යනවා ඒකෙන් වැලි ඉල්ලුවොත් අද ඉල්ලුවොත් හෙට ද අනිද්දා ද කියලා ගෙදරටම එන විදියට අතරමැදියන්ගෙන් තොරව අඩු මිලට හොඳ ප්‍රමිතියෙන් යුත් වැලි ගන්නත් අවස්ථාව ලැබෙන ක්‍රමයක් අනාගතයේදී හඳුන්වලා දෙනවා. ඒ වගේම දිස්ත්‍රික්කයේ අයට අවස්ථාව ලබාදීලා තියෙනවා කුඩා ලොරිවලට වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන්න වැලි ලබා දීමේදී. මධ්‍යම පරිසර අධිකාරියේ තියෙන නීතිරීතිත් දැඩි කරලා සංශෝධන ගේනවා සිරගත කරන කාලය වැඩි කරලා