හෙරොයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු වනවාසලදී අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු වනවාසලදී අත්අඩංගුවට

by Staff writer 03-10-2020 | 10:37 AM

COLOMBO (News 1st) - ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු වනවාසල දුම්රිය ස්ථානය අසළදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 504 ක් හා රුපියල් දෙලක්ෂ අසූ නව දහසක මුදලක් සිය භාරයට ගත් බවයි. බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසය කළ වැටලීමකදී එම සැකකරුවන් හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.