by Staff writer 03-10-2020 | 10:20 PM
COLOMBO ( News 1st ) : ජෝර්දානයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවයේ නිරතව සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකට කොරෝනා වැළඳී තිබේ.
එරට සිටින ශ්‍රී ලාංකිකයින් පවසන්නේ මෙලෙස රෝගය වැළඳුණු ශ්‍රී ලාංකිකයෙකු ඊයේ මියගිය බවයි.
මෙසේ කොරෝනා රෝගය වැළඳීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතව සිටි බවට ඔහුත් සමග සේවයේ නිරතව සිටි මිතුරන් පවසයි.
මියගිය පුද්ගලයා සේවය කරන අදාළ කර්මාන්ත ශාලාවේ 1200 දෙනෙකු පමණ සේවය කරන අතර ඉන් 400 දෙනෙකු පමණ ලංකාවේ පුද්ගලයින් බව වාර්තා වෙයි.
එම කර්මාන්ත ශාලාවේ සේවය කරන ලංකාවේ සේවකයින් පවසන්නේ ලංකාවේ 400 දෙනාගෙන් 300 කට පමණ මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
මේ සම්බන්ධව අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන ලංකාවේ සේවකයින් සමාජ මාධ්‍ය වෙත දර්ශන මුදා හැර තිබුණි.
මේ සම්බන්ධයෙන් අප විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතාගෙන් විමසීමක් කළේ ය.
ඔහු පැවසුවේ අදාළ පිරිස ජෝර්දානයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවයි.
ශ්‍රී ලාංකිකයින් කොපමණ සංඛ්‍යාවක් සිටිනවා ද යන්න පිළිබඳ තොරතුරු එරටින් මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නොමැති බව ද ඔහු පැවසුවේ ය.
මේ අතර අද දිනයේ ජෝර්දානයේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අදාළ කර්මාන්ත ශාලාවට යාබදව ඇති තවත් කර්මාන්ත ශාලා 05 ක් කොරෝනා හේතුවෙන් මුද්‍රා තැබූ බව ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහන් කළේ ය.