ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 03-10-2020 | 6:35 AM

දේශීය පුවත්

1. මගීන් 51 කට තුවාල සිදු කළ ඩයගම බිහිසුණු බස් රථ අනතුර: ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 51 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 2. New Diamond නෞකාව ඇදගෙන යාමේ කටයුතු ඇරඹීමට අවසර: MT New Diamond නෞකාව ඇදගෙන යාමේ කටයුතු ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බව නාවික හමුදාව පවසයි. 3. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..: සිය කීර්ති නාමයට හානි වුවහොත් දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු මූලික පරීක්ෂණයකින් තොරව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දින දෙකකට පසුව තමා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රධාන චූදිතයින් බවට පත් කළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ. 4. ජනපති මාතලේ දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු විමසයි: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා – ගම සමග පිළිසඳර- වැඩසටහනේ දෙවැනි අදියරට ඊයේ එක්විය.

විදෙස් පුවත්

5. ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියාට ත් කොරෝනා: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප්ට COVID 19 ආසාදනය වී තිබේ.