මුහුදේ ගිලී තරුණයින් තිදෙනෙකු අතුරුදන්

කොච්චිකඩේදී මුහුදේ ගිලී මස්කෙළියේ තරුණයින් තිදෙනෙකු අතුරුදන්

by Staff writer 03-10-2020 | 8:40 PM

COLOMBO (News 1st) : මීගමුව, කොච්චිකඩේ, පොරුතොට මුහුදේ ගිලී තරුණයින් තිදෙනෙකු අතුරුදන් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, මුහුදේ දිය නෑමට ගිය ඔවුන් අද පස්වරු 5.30 ට පමණ එම අනතුරට මුහුණ දී ඇති බවයි. මෙලෙස අතුරුදන් වී ඇත්තේ හැටන්, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකි. ඔවුන් සමග දිය නෑමට පැමිණි තවත් තරුණයෙකු දිවි බේරාගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ, ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 19ත් 25ත් අතර පසුවන බවයි. අතුරුදන් වූ තරුණයින් සොයා නාවික හමුදා හා පොලිස් කිමිදුම් කණ්ඩායම් එක්ව මෙහෙයුම් දියත් කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ එම තරුණයින් දිය නෑමට ගිය ප්‍රදේශය අනතුරු සහිත බව දැක්වෙන පුවරු ද සවි කර ඇතත් ඔවුන් ඒවා තැකීමක් කර නොමැති බවයි.