අපිටයි පරිසරයේ වටිනාකම තේරෙන්නේ

කැළේ ජීවත් වෙන අපිටයි පරිසරයේ වටිනාකම තේරෙන්නේ - ඌරුවරිගේ වන්නිලැත්තෝ

by Staff writer 03-10-2020 | 8:53 PM

COLOMBO (News 1st) : දිනෙන් දින සිදුවන පරිසර විනාශයන් සම්බන්ධයෙන් දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ තම අදහස් පළ කළේ ය.

මොන ව්‍යවස්ථාව තිබුණත් මේ කාලය තුළ විශාල පරිසර විනාශයක් වෙනවා. අන්න ඒවාට මේ උදවිය සම්බන්ධයි. පරිසරයේ වටිනාකම අපිට තමයි තේරෙන්නේ. මොකද අපි තමයි කැළෑවේ ජීවත් වෙන්නේ. ආදායම් හොයන්න ඕන වුණාම සොබා දහම පරිසරය විනාශ කරලා හරි ඒක කරනවා. ලෝකය දියුණු වීමේ ප්‍රතිඵලේ තමයි මේ. හැබැයි ඒකට සොබා දහමත් උත්තර දෙන්න පටන් අරං තියෙනවා. කාලෙකට හොඳටම වහිනවා. කාලෙකට හොඳටම පායනවා. නාය යනවා සුළි සුළං එනවා අකුණු වදිනවා. ඉතිං ඒ වැරදි නිසා තමයි සොබා දහමෙන් දඬුවම් දෙන්නේ.