වන ජීවී නිලධාරී මෙහෙයුමකදී දෙදෙනෙකු දැලේ

කරුවලගස්වැව වන ජීවී නිලධාරීන්ගේ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙකු දැලේ

by Staff writer 03-10-2020 | 7:20 PM

COLOMBO (News 1st) : කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් දින 2ක් පුරා සිදු කළ හදිසි මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වැලි ජාවාරමේ නිරත පුද්ගලයෙකු සහ බදින කඳන් ඇටවූ පුද්ගලයෙකි. වැලි ජාවාරමේ නිරත පුද්ගලයා තබ්බෝව අභය භූමියේ, මයිලන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර ජාවාරමට යොදාගත් උපකරණ ද වන ජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ. බදින කඳන් ඇටවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නෙලිවැව ප්‍රදේශයේ කළ සෝදිසියකදීය. එහිදී වන අලින්ට ඇටවීමට සැකසූ බදින කඳන් 3 ක් සහ හක්කපටස් ද වන ජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.