කිසිම කෙනෙකුට පර්මිට් දෙන්නේ නෑ

ඇමතිවරු, මන්ත්‍රීවරු වැලි පර්මිට් නිකුත් කරන්නේ නෑ - චමල් රාජපක්ෂ

by Staff writer 03-10-2020 | 6:40 PM

COLOMBO (News 1st) : සේරුවිල, විල්ගම් වෙහෙර රාජමහා විහාරය ආශ්‍රිත සේරුවිල විල සංරක්ෂණය කිරීම හා ඒ අවට වැව් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව පැවති සාකච්ජාවකින් අනතුරුව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් අවිධිමත් වැලි ගොඩදැමීම් පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කෙරුණි.

ප්‍රශ්නය - අවිධිමත් වැලි ගොඩ දැමීම හේතුවෙන් මහ වැලි ගඟත් ගොවි ජනපදත් විනාශ වෙනවා . අනුරාධපුරය නියෝජනය කරන රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වැලි පර්මිට් 113 ක් ලබා දීලා තියෙනවා?
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා -
ඇමතිවරු මන්ත්‍රීවරු වැලි පර්මිට් නිකුත් කරන්නේ නෑ. ඒකට අදාළ ආයතන තියෙනවා. අපි ඒක හොයලා බලන්නම් අපි දන්නේ නෑ. අපි පාලනය කරන වාරිමාර්ග මහවැලි ජලාශවල වැලි ගොඩ වෙන නිසා ගන්න ඕනි. ඒක අපි දෙපාර්තමේන්තුව මගින් මහවැලි අධිකාරිය මගින් සංවිධානය වෙලා වැලි ටික ගොඩට අරන් දෙන්න තමයි බලාපොරොත්තුව . කිසිම කෙනෙකුට පර්මිට් අරවා මේවා දෙන්නේ නෑ .