සියලු සුරාසැල් අද වසා දැමේ

අමද්‍යප දිනය වෙනුවෙන් සියලු සුරාසැල් අද වසා දැමේ: සුරාබදු නිලධාරීන් 900 ක් වැටලීම්වල

by Staff writer 03-10-2020 | 7:54 AM

COLOMBO (News 1st) - ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් අද දිනයේ දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, අද දිනයේ දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක අතර ඊට සුරාබදු නිලධාරීන් 900 ක් පමණ යොදවා ඇති බවය.