වෙන්නප්පුව හා දංකොටුවේදී හෙරොයින් කිලෝ 15 ක් සමග සැකකරුවන් 7 ක් අත්අඩංගුවට

වෙන්නප්පුව හා දංකොටුවේදී හෙරොයින් කිලෝ 15 ක් සමග සැකකරුවන් 7 ක් අත්අඩංගුවට

වෙන්නප්පුව හා දංකොටුවේදී හෙරොයින් කිලෝ 15 ක් සමග සැකකරුවන් 7 ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

03 Oct, 2020 | 1:09 pm

COLOMBO (News 1st) – වෙන්නප්පුව හා දංකොටුව ප්‍රදේශවල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 15 ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පෙලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, එම හෙරොයින් තොගය සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර කාර්යාලයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

හෙරොයින් තොගය හා සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලස්ථානයට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]