New Diamond ඇදගෙන යාමේ කටයුතු ඇරඹීමට අවසර

New Diamond නෞකාව ඇදගෙන යාමේ කටයුතු ඇරඹීමට අවසර

by Staff writer 02-10-2020 | 7:42 PM

COLOMBO (News 1st) - MT New Diamond නෞකාව ඇදගෙන යාමේ කටයුතු ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ඊයේ රාත්‍රියේ අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඇදගෙන යාම ආරම්භ කළ බවය. නාවික හමුදාවට අයත් සමුදුර සහ සාගර නෞකා මගින් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඇදගෙන යාම නිරීක්ෂණය කරමින් සිටින බව ද නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ ය.