අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා

JUST IN : ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියාට ත් කොරෝනා

by Sagarika Chathumali 02-10-2020 | 10:49 AM
COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප්ට COVID 19 ආසාදනය වී තිබේ. ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, තමා සහ බිරිඳ නිරෝධායනයට යොමු වී සිටින බවයි. මීට පෙර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, සිය උපදේශිකාවක වූ හෝප් හික්ස්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු තමා  සහ බිරිඳ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වී සිටින බවයි. පසුගිය දින කිහිපයේම 31 හැවිරිදි උපදේශිකාව ජනාධිපතිවරයා සමග කටයුතු කර තිබිණ. මේ අතර හික්ස් මුව ආවරණයක් නොපැළඳ ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානයෙන් බසින ආකාරය දැක්වෙන ඡායාරූප ද විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ.