"19 යේ යහපත් දේවල් තවදුරටත් ආරක්ෂා කරගත යුතුයි"

19 යේ යහපත් දේවල් තවදුරටත් ආරක්ෂා කරගත යුතුයි - අස්ගිරි පාර්ශවය යළි අවධාරණය කරයි

by Staff writer 02-10-2020 | 9:31 PM

COLOMBO (News 1st) - 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් දේවල් තවදුරටත් ආරක්ෂා කරගත යුතු බව සියම් මහානිකායේ අස්ගිරි පාර්ශ්වය අද යළිත් අවධාරණය කර තිබේ.

සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේ, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා අද උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීය. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි,
මේ දවස්වල ව්‍යවස්ථා සංශෝධන රටේ ඇති වෙලා තියෙනවා. දහ නමවෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ලොකු අර්බුද තිබුණා අපි පහුගිය කාලේ දැක්කානේ. ඒ නිසා ඒකේ වෙනසක් විය යුතුයි කියන තැන ඉන්නවා. නමුත් ඉතිං ඇතැම් දේවල් තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියන් බැහැ දැකීමට පෙර සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් ද බැහැදුටුවේ ය.