by Staff writer 02-10-2020 | 2:21 PM
COLOMBO (News 1st) : අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 16 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ , ඔවුන් අද ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු තවත් සැකකරුවන් පිරිසකට විරුද්ධව අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත්තේ ය.
එලෙස අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයින් වන්නේ ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක රෝහණ මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එව්.ඩී නවරත්න ප්‍රේමතිලක යන පුද්ගලයින් ය.