තාක්ෂණය ගමට ගෙනියන්න ගම්මැද්දෙන් Tech Bus SL

දරුවන් තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කරන්න ගම්මැද්ද Tech Bus SL මහවිලච්චියේදී ඇර⁣ඹේ

by Staff writer 02-10-2020 | 9:35 PM

COLOMBO (News 1st) - ගම්මැද්ද අද තව ත් සුවිශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබේ.

ඒ, ගම්බද පාසල්වල දරු දැරියන්ට නව තාක්ෂණයේ දැනුමින් සන්නද්ධ කිරීම සඳහා - ටෙක් බස් එස්එල්- ව්‍යාපෘතිය අරඹමිනි. නගරයට පමණක් සීමා වූ තාක්ෂණ දැනුම ගමේ දරුවන් වෙත රැගෙන යාම මෙහි අරමුණයි. ලෝක ළමා දිනය වෙනුවෙන් ක්‍රියාත්මක මෙම නව වැඩසටහනට මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමද එක්ව සිටි. දරු දැරියන්ට අලුත්ම අත්දැකීමක් වන මේ බස් රථය නව තාක්ෂණික උපාංග රැසකින් සමන්විතය. ගම්මැද්ද කණ්ඩායම මෙම බස් රථයෙන් දුර බැහැර ගම්මානවල දරු දැරියන් හමුවීම සඳහා ගමන් කරනු ඇති. මෙහි සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ, අනුරාධපුර මහවිලච්චිය තක්ෂිලා මහා විද්‍යාලයේදීයි. මෙහි සවි කර ඇති නව තාක්ෂණික උපකරණ පිළිබඳව දැනුවත්වීමට පාසල් දරු දැරියන්ට අවස්ථාව හිමි විය. රොබෝටික් තාක්ෂණය, දත්ත විද්‍යා සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව පාසල් දරුවන් තුළ උනන්දුවක් කරමින් අවශ්‍ය දැනුම ලබාදීම මෙහි අරමුණයි. මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨය විසින් නිර්මාණය කරන ලද රොබෝවරුන්ගේ ක්‍රියාකාරීත්වය කෙසේද යන්න ප්‍රායෝගිකව අත්විඳින්නට ද දරු දැරියන්ට හිමි විය. නගර හා ග්‍රාම නිර්මාණවේද අධ්‍යයනාංශය ද මේ වැඩසටහනට දායක වනු ඇත. මේ අතර විද්‍යාලයේ නව නිපැයුම් සංගමයක් ඇති කිරීම සඳහා මූලික දැනුම ලබාදීම සිදු කෙරුණේ නව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසෙමේ මූලිකත්වයෙනි.