TRC ලියාපදිංචිය ඇති ජංගම දුරකතන පමණක් මිලදී ගන්න

TRC ලියාපදිංචිය සහිත ජංගම දුරකතන පමණක් මිලදී ගන්නැයි ජනතාවට උපදෙස්

by Staff writer 01-10-2020 | 3:40 PM

COLOMBO (News 1st) - සිය ලියාපදිංචිය සහිත ජංගම දුරකතන පමණක් අද සිට මිලදී ගන්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ජනතාවට දැනුම් දී තිබේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කළේ, ලියාපදිංචිය නොමැති ජංගම දුරකතනවලට ඇතුළත් කරන සිම්පත් සක්‍රීය නොකරන බවයි. ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර ඇද්දැයි තහවුරු කරගන්නේ කෙසේ ද? මේ, ඊට පිළිතුරු දුන් ඕෂධ සේනානායක මහතා... [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-01-OSHADA-SENANAYAKA-02-online-audio-converter.com_.mp3"][/audio] දුරකතන අංකය වෙනස් නොකර, දුරකතන ජාලය පමණක් වෙනස් කළ හැකි නව ක්‍රමවේදයක් සකස් කරන බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-01-OSHADA-SENANAYAKA-03-online-audio-converter.com_.mp3"][/audio]