රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

by Staff writer 01-10-2020 | 6:29 PM

News 1st - ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අයුතු ජනරාශී චෝදනා එල්ල කරමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දක්වා පාගමනක නිරතවී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. හත්‍රාස් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු පෙරේදා මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් හමුවීම සඳහා රාහුල් ගාන්ධි ඇතුළු පිරිස පාගමනින් ගොස් ඇත. අදාළ කාන්තාව පසුගිය සැප්තැම්බර් 14 වැනි දා හත්‍රාස් ප්‍රදේශයේදී උසස් යැයි හඳුන්වන, පුද්ගලයින් 4 දෙනෙකු අතින් සමූහ දූෂණයට ලක්ව දරුණු තුවාල සහිතව රෝහල්ගත කෙරුණි. ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පෙරේදා මියයාමේ සිද්ධියත් සමග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.