වාලම්පූරි 02 ක් සමග පුද්ගලයින් 04ක් දැලේ

මිලියන 60 කට අලෙවි කිරීමට තැත්කළ වාලම්පූරි 02 ක් සමග පුද්ගලයින් 04ක් දැලේ

by Staff writer 01-10-2020 | 12:15 PM
COLOMBO (News 1st) - වාලම්පූරි 02 ක් රුපියල් මිලියන 60 කට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයින් 04 දෙනෙකු ගාල්ල ඉමදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කළුතර විශේෂ කාර්ය බලකා සාමාජිකයින්, ඉමදූව පොලීසිය සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකදීය. නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු, බණ්ඩාරගම පදිංචිකරුවෙකු සමග එක්ව එම වාලම්පූරි විකිණීමට තැත් කර ඇතැයි පොලීසිය සඳහන් ක‍ළේය. වාලම්පූරි මිලදී ගැනීමට පැමිණි, මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද අත්අඩංගුවට ගැනුණි. ඔවුන් අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ වාලම්පුරි 2 පරීක්ෂා කිරීම සඳහා නාරා ආයතනයට ඉදිරිපත් කිරීමට අධිකරණ නියෝගයක් ලබාගන්නා බව ද පොලීසිය සඳහන් කළේය.