මෙවර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍රයක්

ප්‍රථම වරට ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍රයක්

by Staff writer 01-10-2020 | 3:22 PM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් කළ සියලු විභාග අපේක්ෂකයින්ට මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිටත් විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත යවා ඇති බවයි. විභාග ප්‍රවේශ පත්‍රයෙහි විභාග අංකය සහ අයැදුම්කරු විභාගයට පෙනී සිටිය යුතු විභාග මධ්‍යස්ථානය සඳහන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතවේ. මධ්‍යස්ථාන 2936 කදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 331,694 දෙනෙකු පෙනී සිටීමට නියමිතය. ඒ අතරින් සිංහල මාධ්‍ය අයැදුම්කරුවන් සංඛ්‍යාව 248,072 ක් වන අතර දෙමළ මාධ්‍ය අයැදුම්කරුවන් සංඛ්‍යාව 83,622 කි.