දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං..

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං..

by Staff writer 01-10-2020 | 7:55 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය .