පාසල් පුස්තකාල දියුණු කිරීමට ව්‍යාපෘතියක්

දරුවන්ගේ නිරෝගීකම රැකගත හැකි ක්‍රමවේද ගැන ජනපති අවධානය...

by Staff writer 01-10-2020 | 6:07 PM

COLOMBO (News 1st) - සෑම පාසලකටම පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික හා ශාරීරික නිරෝගීකම රැකගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසූවේ, තමා පසුගිය දිනවල දිවයින පුරා කළ සංචාරවලදී එය වඩාත් පැහැදිලි වූ බවය. ලෝක ළමා දිනයට සමගාමීව පාසල් 5 ක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවා පුස්තකාල පරිත්‍යාග කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ය. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පාසල් 25 ක් සඳහා පුස්තකාල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බවයි. ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රීඩාපිටි රැසක් ද මේ වනවිට සංවර්ධනය කෙරෙමින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.