ගාලු කොටුවේ කැණීමකදී හමු වූ ද්‍රව්‍ය මොනවා ද?

ගාලු කොටුවෙන් හමු වූ ද්‍රව්‍යයන් පෘතුගීසි හෝ ලන්දේසි යුගයට අයත්දැයි සෙවීමට පියවර

by Staff writer 01-10-2020 | 4:02 PM

COLOMBO (News 1st) - ගාලු කොටුවේ සංරක්ෂණ කටයුතු අතරතුර සිදු කළ කැණීමකදී කාර්මික අපද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය සමූහයක් සොයාගෙන තිබේ.

පුරාවිද්‍යාඥයින් පැවසුවේ, මෙම ද්‍රව්‍ය අයත් වන්නේ පෘතුගීසි- ලන්දේසි යුග දෙකෙන් කුමන යුගයටදැයි නිරාකරණය කර ගැනීම සඳහා පියවර ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගීසීන් ගාල්ලේ ඉදි කරන ලද බලකොටුව අදටත් දැකිය හැකි අතර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය එතුළ පිහිටුවා තිබේ. බලකොටුවේ ආරක්ෂක මුරකපොලුවලට හා ගබඩාවලට අමතරව ආයුධ නිපදවන කර්මාන්තශාලා ද පිහිටා තිබු බව සඳහන් ය. එම කම්හල්වලින් පිට වූ දුමාරය හේතුවෙන් බලකොටුවේ බිත්ති කළු පැහැ ගැන් වී තිබූ නිසා පෘතුගීසීන්ගෙන් පසු ගාලු කොටුව අල්ලාගත් ලන්දේසීන් මෙම ස්ථානය කළු කොටුව ලෙස හඳුන්වා තිබුණි. ලන්දේසීන් ගාලු කොටුව පුළුල් කිරීමේදී පැරණි කොටුව මුර අට්ටාලයක් බවට පත් කර ඇති අතර පසු කාලීනව විවිධ ඉදි කිරීම් ද සිදු කළේ ය. අනතුරුව ගාලු කොටුව අත්පත් කරගත් ඉංග්‍රීසින් මෙම ගොඩනැගිල්ල සිරගෙයක් බවට පරිවර්තනය කර තිබුණේ 1840 වසරේදීයි.