by Staff writer 01-10-2020 | 5:48 PM
COLOMBO (News 1st) - බීමතින් පොලිස් අණ නොතකා යතුරු පැදියක් ධාවනය කළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම 4.00 ට පමණ යතුරු පැදියක් නතර කරන ලෙසට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සංඥා කර ඇතත් යතුරු පැදිය නොනවත්වා ධාවනය කර අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තුවාල ලබා ඇතැයි ද පොලීසිය පැවසීය.
ඔහු ඇල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී වෛද්‍යවරයා වාර්තා කර ඇත්තේ එම පුද්ගලයා බීමත්ව සිට ඇති බවයි.
සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කළ පහරදීමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ද රෝහල්ගත කර ඇති අතර වැටීමෙන් තුවාල ලැබූ සැකකාර මන්ත්‍රීවරයා ද පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කර ඇතැයි පොලීසිය පැවසීය.