හිටපු ජනපතිට එරෙහිව CID යට පැමිණිල්ලක්

හිටපු ජනපතිට එරෙහිව CID යට පැමිණිල්ලක්

by Staff writer 30-09-2020 | 7:51 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කතෝලික විභාවනය නම් සංවිධානයක් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් කර තිබේ.

එම සංවිධානය පැමිණිල්ල පිළිබඳව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, පෙරේදා ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු සහ සෙසු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස පැමිණිල්ල ඉදිපත් කරන බවයි.
කතෝලික විභාවනය සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ, මූලික වරදකරුවන් දෙදෙනා විතරයි අල්ලගෙන ඉන්නේ මූලික වරදකරු අත්අඩංගුවට අරගෙන නෑ. ඒ සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුවා ඒ ප්‍රකාරව අපිට අනාවරණ වුණ කරුණු අනුව අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරනවා
https://www.facebook.com/NewsfirstSL/videos/794844674664356/