සභාපතිට එරෙහිව මන්ත්‍රීවරු වහල උඩ...

සභාපතිට එරෙහිව මන්ත්‍රීවරු වහල උඩ...

by Staff writer 30-09-2020 | 8:26 PM

COLOMBO (News 1st) - හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පවතින චෝදනා පිළිබඳව නිසි විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමින් අදත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඌව පළාත් සභාවේ වහල මත නැගී විරෝධතාවක නිරත විය.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිට විරෝධය පළ කරමින් මෙම මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරත වූයේ පසුගිය සතියේ සිටයි. ඌව පළාත් සභාව ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට නිසි විසඳුමක් නොලැබුණු බව පවසමින් ඔවුන් අද වහලය මත නැගී විරෝධයක් ආරම්භ කළහ. හල්දුම්මුල්ල පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි පසු විරෝධතාවයේ නිරත පිරිස විසිර ගිය බව අප වාර්තාකරු පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/654519935463006/