සජිත්ගේ මහජන හමුවට ගල් ගැසූ දෙදෙනෙකු අත්අඩංගුවට

සජිත් ප්‍රේමදාසගේ මහජන හමුවට ගල් ප්‍රහාර එල්ල කළ දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 30-09-2020 | 4:17 PM

COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ මහජන හමුවකට ගල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම ගල්කිස්ස, රෂ්ටම්වත්ත ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. අනෙක් සැකකරු ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව අද උදෑසන අත්අඩංගුවට ගැනුණි. ඔවුන් අවුරුදු 21 සහ 40 වයස්වල පසුවන ගල්කිස්ස, රෂ්ටම්වත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් ය. විපක්ෂ නායකවරයා සහභාගී වූ ජන හමුවකට එලෙස ගල් ප්‍රහාර එල්ල කර තිබුණේ ඊයේ රාත්‍රී 9.45 ට පමණය. ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පැවසීය.