විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ..

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ..

by Staff writer 30-09-2020 | 7:36 AM

COLOMBO (News 1st) - මෙවර විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඊට පෙර සියලු විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ලබන සතියේ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි. විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අදාළව ප්‍රවීණතා විභාග 36 ක ප්‍රතිඵල ද මේ වනවිට නිකුත් කර අවසන්ය. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 40000 ක් පමණ වේ. එය ගිය වසරට සාපෙක්ෂව 10000 ක වැඩි වීමක් බව ද ඇය සඳහන් කළාය. මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ, වෛද්‍ය,ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවයි.