'අංජු'ගේ ගෝලයෙක් අත්අඩංගුවට

රත්මලානේ 'අංජු'ගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

by Staff writer 30-09-2020 | 5:14 PM

COLOMBO (News 1st) - දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රත්මලානේ 'අංජු' නැමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රත්මලාන දුම්රිය ස්ථානය අසළදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීය. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 21 යි මිලිග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලීසියට භාර දී තිබේ.