ගැටලු සොයන්න අගමැති විරෝධතාවක් අතරට...

ගැටලු සොයන්න අගමැති විරෝධතාවක් අතරට...

by Staff writer 30-09-2020 | 6:04 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයෙන් ගමන් කරන අතරවාරයේ විරෝධතාවක් පැවති ස්ථානයකට පැමිණ ගැටලුව විමසා තිබේ.

රාවතාවත්ත, රෝමානු කතෝලික විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මේ විරෝධතාව පැවැත්වූයේ මීට පෙර සිටි විදුහල්පතිවරයා නැවත පත් කරන ලෙස ඉල්ලමිනි. විරෝධතාවයේ නිරත දෙමාපියන් තම ගැටලු සම්බන්ධයෙන් ලිපි කිහිපයක් ද අග්‍රාමාත්‍යවරයාට භාර දුන්නේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/775449603245500/