කටානේ ව්‍යාපාරිකයකුගේ නිවසක මුදල් කොල්ලයක්

කටානේ ව්‍යාපාරිකයකුගේ නිවසක මුදල් කොල්ලයක්

by Staff writer 30-09-2020 | 4:56 PM

COLOMBO (News 1st) - කටාන, අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක රුපියල් කෝටි 3 කට අධික මුදල් කොල්ලයක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, මුහුණු ආවරණ පැළද ගිනි අවියක් අතැතිව පැමිණි සැකකරුවන් 5දෙනෙකු නිවැසියන් බියගන්වා මුදල් කොල්ල කා පළාගොස් ඇති බවයි. සැකකරුවන් අද උදෑසන 9.30 ට මෝටර් රථයකින් පැමිණ මෙම කොල්ලය සිදු කර ඇත. කොල්ලය සිදුවන අවස්ථාවේදී මුරකරු සහ ව්‍යාපාරිකයා නිවසේ සිටි බව පොලීසිය පැවසීය. පළාගිය සැකකරුවන් සොයා කටාන පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/329481834793172/