
සජිත් ප්‍රේමදාසගේ මහජන හමුවට ගල් ප්‍රහාර එල්ල කළ දෙදෙනෙකු අත්අඩංගුවට
සජිත් ප්‍රේමදාසගේ මහජන හමුවට ගල් ප්‍රහාර එල්ල කළ දෙදෙනෙකු අත්අඩංගුවට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ මහජන හමුවකට ගල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම ගල්කිස්ස, රෂ්ටම්වත්ත ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
අනෙක් සැකකරු ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව අද උදෑසන අත්අඩංගුවට ගැනුණි.
ඔවුන් අවුරුදු 21 සහ 40 වයස්වල පසුවන ගල්කිස්ස, රෂ්ටම්වත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.
විපක්ෂ නායකවරයා සහභාගී වූ ජන හමුවකට එලෙස ගල් ප්‍රහාර එල්ල කර තිබුණේ ඊයේ රාත්‍රී 9.45 ට පමණය.
ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පැවසීය.
- පානදුර වෙඩි තැබීමට අදාළ T – 56 ගිනි අවිය සොයා ගැනේ..
- තවත් කොරෝනා ආසාදිතයින් 1,869ක් සුවය ලබයි
- ජීවන වියදම වැඩිවීමට එරෙහිව තණමල්විල නගරයේ විරෝධතාවක්..
- කොරෝනා එන්නතට අකමැති අයට නොගෙන සිටීමට හැක – ලලිත් වීරතුංග
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට සහභාගී වන්නැයි දැනුම් දීමක්..
- මාදම්පේ වැලි කැණීම්: භූ විද්‍යා අධ්‍යයන වාර්තාව ලබන බදාදා පරිසර ඇමතිට
- කොරෝනා එන්නත රැගත් ගුවන් යානය දිවයිනට
- කොළඹ – බදුල්ල දෙනුවර මැණිකේ ධාවනය තාවකාලිකව අත්හිටුවයි
- බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ
- වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..