කුවේටයේ රජු ෂෙයික් අල් සබා මියයයි

කුවේටයේ රජු ෂෙයික් අල් සබා මියයයි

කුවේටයේ රජු ෂෙයික් අල් සබා මියයයි

කර්තෘ Staff writer

30 Sep, 2020 | 10:55 am

COLOMBO (News 1st) – කුවේටයේ රජු වන ෂෙයික් සබා අල් අහමඩ් අල් සබා මිය ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91 කි.

ඔහුගේ හිස් වූ ධූරයට ඔහුගේ සහෝදරයෙකු වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් නම් කර තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, අසනීප තත්ත්වයෙන් පසු වූ අල් අහමඩ් රජු ජූලි මාසයේදී ශල්‍යකර්මයක් සිදු කිරීමට ඇමෙරිකාවට ගොස් ඇති බවයි.

ඔහු 2006 වසරේ සිට ගල්ෆ් අරාබි රාජ්‍යය පාලනය කර ඇති අතර වසර පනහකට වැඩි කාලයක් එරට විදේශ ප්‍රතිපත්තිය අධීක්ෂණ කාර්යයෙහි ද නිරතව සිට ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් වේ.

1990-1991 කාල සීමාවේ පැවති ගල්ෆ් යුද්ධයෙන් පසුව රාජ්‍යයන් අතර සහයෝගය ඇති කිරීමට උත්සහ කිරීම හේතුවෙන් අහමඩ් රජු අරාබි රාජ්‍යතාන්ත්‍රිකභාවයේ පීඨාධිපති යන විරුධාවලියෙන් ද පිදුම් ලබා තිබේ.

සවුදි අරාබිය හා කටාර් වැනි රාජ්‍යයන් අතර පවතින ගැටුම්කාරී තත්වයන්වලදී අහමඩ් රජු මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කර ඇතැයි, විදෙස් වාර්තාවන්හි සඳහන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]