by Staff writer 29-09-2020 | 11:06 AM
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී නව සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඒ, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්ම් සළකා බැලීමේදීය.
මේ අතර අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය ආයතන ප්‍රධානින් හමු වූ අවස්ථාවේදී ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදහස් පළ කර තිබේ.
එහිදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, අදාළ සංශෝධන සම්බන්ධයෙන් සොයා බැලු කමිටුව ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරයා ද පිළිගන්නා ඇතැම් නිර්දේශ පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන බවට ජනාධිපතිවරයා ද ආණ්ඩු පක්ෂ කණ්ඩායමට දැනුම්දී ඇති බවයි.