මහනුවර අනතුර: නිවසේ හිමිකරු අත්අඩංගුවට

මහනුවර ගිලා බැසීමට ලක් වූ නිවසේ හිමිකරු අත්අඩංගුවට

by Staff writer 29-09-2020 | 12:06 PM
COLOMBO (News1st) : ගිලා බැසීමට ලක්වූ මහනුවර බූවැලිකඩ පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද පෙරවරුවේ ඔහු පොලීසිය වෙත කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි. අනුර ලෙව්කේ මහතා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පසුගිය දා මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටි අදාළ පස් මහල් නිවස ගිලා බෑසීමෙන් සිදු වූ අනතුරෙන් යාබද නිවසේ කුඩා බිළිඳියක සහ ඇගේ මා පිය දෙපළ ජීවිතක්ෂයට පත්වූහ.