මන්නාරමේදී කහ සමග සැකකරුවෙකු කොටු

මන්නාරමේදී කහ සමග සැකකරුවෙකු කොටු

by Staff writer 29-09-2020 | 3:14 PM

COLOMBO ( News 1st ) : මන්නාරම, එරුක්කලම්පිටිය ප්‍රදේශයේදී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 952 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මන්නාරම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.