නුවරඑළියේ ඇළක දැරියකගේ මළ සිරුරක්

නුවරඑළියේ ඇළක දැරියකගේ මළ සිරුරක්

by Hashini De Mel 29-09-2020 | 5:12 PM

COLOMBO ( News 1st ) : නුවරඑළිය, නානුඔය ඩෙස්පෝස් පහළ කොටසේ වතු නිවාස පෙළක් අසල පිහිටි ඇළක වැටී මියගොස් සිටි 15 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන එම දැරිය මියගොස් සිටියදී සොයා ගත් බවයි. ඊයේ රාත්‍රී 2.50 ට පමණ දැරිය නිවසේ නොසිටිම හේතුවෙන් දෙමාපියන් ඇය සොයා තිබේ. නිවසේ ජනේලයක් ද විවෘත කර තිබූ බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමට නියමිතයි. පොලීසිය සඳහන් කළේ, මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව කිව හැකි බවයි.