COLOMBO ( News 1st ) : කන්තලේ, අයිල් අඩි රජයේ වනාන්තරයට හානි කළ පුද්ගලයින් 6 දෙනෙකු අද අත්අඩංගුවට ගත්තේය.
ඒ , නිව්ස්ෆස්ට් ඊයේ සිදු කළ අනාවරණයෙන් පසුවයි.
ත්‍රීකුණාමලය, කින්නියා ප්‍රදේශයට අයත් අයිල් අඩි රජයේ වනාන්තරයේ අක්කර ගණනාවක් එළි පෙහෙළි කර ඇති අයුරු අපි ඊයේ වාර්තා කළෙමු .
ගම්වාසීන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් විවිධ ශාක 1000 කට අධික ප්‍රමණයක් මේ සඳහා කපා දමා ඇති බවයි.
ඒ අනුව, අද වාන් ඇල පොලීසිය වැටලීමක් සිදු කළ අතර එහිදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ට්‍රැක්ටර් 02 ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගැනිණි.
වගාකරුවන්ගේ අදහස් -
යුද්දේ ඉවර කරලා අපේ ඉඩම අපට ලබාදුන්නා නම්
පොලීසිය -
ඔයාලට ඔප්පු මොනාවත් නෑනේ මේවට
වගාකරුවන් -
ඔප්පු නෑ. පොහොර අරවා මේවා අපට පාස්කරලා දෙනවා . සර් අපට අවුරුදු 30 ත් යුද්ධ හින්දා අපට ඔප්පු ගන්න බැරි වුණා.
පොලීසිය -
ෆොරස්ට් එකෙන් කිව්වාද ගස් කපලා වගා කරන්න කියලා
වගාකරුවන් -
අපි ගස් කැපුවේ නෑ .
පොලීසිය -
එතකොට මේ ගස් කපලා තියෙන්නේ
වගාකරුවන් -
මේක අපේ සම්බන්ධ නෑ
පොලීසිය -
ඔයාලා එහා පැත්තේනේ කරන්නේ එහේ ගස් කපලානේ තියෙන්නේ
වගාකරුවන් -
ඇලට එහාපැත්තේ ගස් තිබ්බේ නෑ.
මේ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පරිසවේදීන් සමග සාකච්ඡාවක නිරත විය.
එහිදී අදහස් පල කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.
"පසුගිය කාලෙම විවිධ මාධ්‍යවලත් විශේෂයෙන්ම සමාජ මාධ්‍යවලත් කැලෑ විනාශ කිරීම වනාන්තර විනාශ කිරීම් පිළිබඳ බොහෝ කරුණු වාර්තා කළා. ඒ වාර්තා කරපු සිද්ධින් බොහෝමයක් සත්‍ය නෙවෙයි. දැනට අපට වාර්තා වෙලා තියෙන්නේ සිද්ධින් 4ක් නැත්තම් 5 ක් විතරයි අපි ඒ අදාල අයට නඩු පවරලා තියනවා තරා තිරම බලන්නේ නැතුව දේශපාලනඥයෝ සම්බන්ධවෙච්ච අවස්ථා තියනවා දෙකක් රජයේ දේශපාලනඥයෙක් හා විපක්ෂයේ දේශපාලනඥයෙක් ඒ දෙදෙනාටමත් නඩු පවරලා තියනවා. නිතීය ක්‍රියාත්මක කරලා තියනවා ඒ වගේම නිලධාරීන්ගේ සම්බන්ධතා තියනවා නම් ඒවටත් අපි ක්‍රියාත්මක වෙනවා කියලා මේ අවස්ථාවේ අපි සදහන් කරන්න කැමතියි"