දිවි රඟ මඬලෙන් බැස ගිය ටෙනී..

දිවි රඟ මඬලෙන් බැස ගිය ටෙනිසන් කුරේ..

by Chathurika Jayasundara 29-09-2020 | 5:03 PM

COLOMBO ( News 1st ) : ටෙනිසන් කුරේ යනු, ශ්‍රී ලංකාවේ විකට නළුවෙකු, වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ද වෙයි. සිනමාවට ඔහු මුල් පියවර තැබූයේ නළුවෙකුට වඩා කතා රචකයෙකු ලෙසයි. ඔහු විසින් පෙරළිකාරයෝ , දෙමෝදර පාලම , කොළොම්පූර් වැනි වර්තාගත සිනමා කතාවන් ද රචනා කර ඇත.

1952 දී මොරටුවේදී උපන් ටෙනිසන් කුරේ ප්‍රහසන රංග ශිල්පියෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ රෑ ඩැනියෙල් - දවල් මිගෙල් , සෝමි බෝයිස් සහ වැඩ බාරි ටාසන් වැනි චිත්‍රපටවල ප්‍රහසන චරිත හරහා ය. රංගනයට අමතරව ඔහු අධ්‍යක්ෂකවරයෙකු සහ තිර රචකයෙකු , ගායකයෙකු , පද රචකයෙකු ලෙස ද කටයුතු කර ඇත. අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ පෙරළිකාරයෝ (1986) චිත්‍රපටයේ රඟපාමින් සිංහල සිනමාවට පිවිසි ටෙනිසන් කුරේ , ඒ වනවිට හාස්‍ය සිනමා පිටපත් රචකයෙකු ලෙස ප්‍රකටව සිටි අයෙකි. ඔහු තම රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට අතර , නොම්මර එකයි චණ්ඩින්ගෙත් චණ්ඩියා සම්බුදු මහිම රන්දෙනිගල සිංහයා හොඳ හොඳ සෙල්ලං හිත හොඳ පුතෙක් හොඳින් නැත්නම් නරකින් ඇසළ සඳ චෙරියෝ ඩොක්ටර් අලි බබා සහ හොරු 40 ආසයි බයයි සිංහයන්ගෙත් සිංහයා රණබිමේ වීරයා සිංහ රජා කම් ඔර් ගෝ චිකාගෝ අජේ සහ විජේ රෝදය චෙරියෝ කැප්ටන් හිත හොඳ සූරයෝ දෙවියනි සත්‍ය සුරකින්න දෙමෝදර පාළම ( කතා රචනය ) චෙරියෝ ඩාලිං අපායේ තත්පර අසූහාරදාහක් සූරයෝ වැඩකාරයෝ විජයග්‍රහණ රඹා සහ මධූ රෑ දනියෙල් දවල් මිගෙල් කොළොම්පූර් නගරං රෑ දනියෙල් දවල් මිගෙල් 2 ජොන්සන් ඇන්ඩ් ගොන්සන් ජැක් ඇන් ජිල් කොළඹ කොලොප්පන් පාර්ලිමන්ට් ජෝක්ස් සොමි බෝයිස් ඇලඩින්ගේ වෑල්ඩින් ටැක්සි ඩ්‍රයිවර් හිත හොඳ පිස්සෝ වැලා ඉන් ලන්ඩන් රෑ ඩැනියෙල් දවල් මිගෙල් 3 ඔහොම හරිද ක්ලීන් අවුට් ජේම්ස් බොන්ඩ් වැඩබැරි ටාසන් ජුන්ඩයි ගුන්ඩයි ඇයි ඔබ තනිවෙලා හදවත මල් යායයි ( ගරු රඟපෑම් ) අපේ යාළු පුංචි භූතයා වැඩබැරි ටාසන් මැතිසබයට කිව්වද නහී නොකිව්වද නහී තැන්ක් යූ බර්ටි ජීවිතේ ලස්සනයි සුපිරි අන්දරේ රංජා පරපුර සිංග මචං චාර්ලි චිත්‍රපට රසික හදවත් තුළ සඳා ලැඟුම් ගනු ඇති. රසික හදවත් තුළ සදා නොමැකෙන මතක රාශියක් ඉතිරි කර ජීවන මඩලෙන් සමුගත් ටෙනිසන් කුරේ කලා ලොවේ සදා නොමැකෙන ජීවමාන ප්‍රතිරූපයකි. සැමගේ මුවට සිනාවක් දුන් ඔහු සැවොම හඬවා නික්ම ගියේ ය. මරණය මෙතරම් අසුන්දර, වේදනාකාරී සිදුවීමක්ද යන්න වැටහෙන්නේ ප්‍රියයන්ගේ වෙන්වීමත් සමග ය. ලෝකයේ හැඩය, මනුස්ස ගනුදෙනුවල ස්වභාවය වෙනස් කරන එක් සාධක අතර මරණය ඉදිරියෙන් සිටී. ඔබට මෙන්ම මටද මරණය පැරදවිය නොහැක. ඉතින් ආදරණීය ටෙනී. ඔබට සුබ ගමන්!