by Staff writer 29-09-2020 | 6:42 PM
COLOMBO ( News 1st ) : අත්අඩංගුවට පත් මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක්වූ නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා ලබන මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගිලා බැසීමට ලක්වූ මහනුවර, බූවැලිකඩ පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ ය.
අද පෙරවරුවේ ඔහු පොලීසිය වෙත කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
පසුගියදා මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටි අදාළ පස් මහල් නිවස ගිලා බෑසීමෙන් සිදු වූ අනතුරෙන් යාබද නිවසේ කුඩා බිළිඳියක සහ ඇගේ මා පිය දෙපළ ජීවිතක්ෂයට පත්වූහ.