ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 29-09-2020 | 5:57 AM

දේශීය පුවත්

1. පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක්, පිරිස් හඳුනාගෙන ඔවුන්ට ඒරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කරයි: වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ විරූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන් ගෙන ඇතැයි කියවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2. 13 ගැන අගමැතිවරයාට නරේන්ද්‍ර මෝදි කියූ දේ..?: 20 වන ව්‍යවස්ථා සංශෝධනය වගේම මේ දිනවල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් සංවාදයක් ඇතිවී තිබේ. 3. ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩනයට පත් මිනිස්සුන්ගේ කඳුළු කතාව: ශ්‍රී ලංකා මහ බැංකුව නිර්වචනය කරන පරිදි ක්ෂුද්‍ර මූල්‍ය යනු අඩු ආදායම් ලාභීන්ට මූල්‍ය සේවා සැපයීමයි. 4. කොළඹට අලියෙක් ?: අලි මිනිස් ගැටුම විශාල ගැටලුවක් වන අතර පෙරේදා (27) රාත්‍රියේත් එය තව ත් සනාථ කරමින් ජීවිත 2 ක් බිළි ගැණුනි.

විදෙස් පුවත්

5. ලොව කොරෝනා මරණ ගණන මිලියනය ඉක්මවයි: ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ.