ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් යෝජනාවක්

ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් යෝජනාවක්

by Staff writer 29-09-2020 | 1:49 PM

COLOMBO (News 1st) - මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

නීති රීති සංශෝධනය සඳහා නොපමාව අවශ්‍ය පියවර ගැනීම, ගවමස් පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් මාංශ ආනයනය කිරීම සහ කෘෂිකර්ම කටයුතුවලදී ඵලදායී ලෙස යොදා ගත නොහැකි ගවයින් සඳහා වැඩපිළිවෙළක් යෙදීම එම යෝජනාවයි. මේ අතර මෙවර අමාත්‍ය මණ්ඩල තීරණ මෙසෙයි.. 2021 සඳහා පාසල් නිල ඇඳුම් දේශීය නිෂ්පාදකයින් ලබාදීම සහ තිළිණපත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීම. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය අවලංගු කිරීම. මහවැපි ජල සුරක්ෂිතතා අයෝජන වැඩසටහන යටතේ උතුරුමැද මහ ඇළ හා වයඹ මහඇළ ඉදිකිරීම. අධිකරණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම.