ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනයට සැලසුම්

ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනයට සැලසුම් - රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ

by Staff writer 29-09-2020 | 8:56 PM

COLOMBO ( News 1st ) : ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් හේතුවෙන් ජනතාව පත්ව සිටින අපහසුතා ගැන අපි ඊයේත් සාකච්ඡා කළෙමු

අද පැවති මාධ්‍ය හමුවක් අතරතුර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
අපි මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියේදී මහ බැංකුව සමගත් ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීපු නීත්‍යානුකූල ආයතන සහ ඔහුගේ සංගමය සමග සාකච්ඡා කරන්න නියමිතයි. මේ වෙනකොටම ඔවුන් අපිත් එක්ක මූලික සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාදක කර ගනිමින් තොරතුරු රැස්කර ගැනීම සඳහා වැඩ කටයුත්තක් සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරල තියනවා. මේ සතියේ අගදී ඒ වාර්තාව අපිට ලැබෙයි. ඒ වගේම අපේ රටේ ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ පනත නිර්මාණය වෙලා තිබ්බට අවාසනාවකට රාජ්‍ය අංශයේ ආයතන ඒ වගේම ස්ටේක්හෝල්ඩර්ස්ලත් සියලු දෙනා පනත සම්බන්ධයෙන් සුභවාදී ප්‍රවණතාවක් දක්වන්නෙ නෑ. අපේ එක් අරමුණක් වෙනවා මේ පනත වර්තමාන ලෝකයට ගැළපෙන ආකාරයට සංශෝධනය කරන්න ඒක අත්‍යවශ්‍ය කාරණයක්.