English
தமிழ்
කර්තෘ Staff writer
29 Sep, 2020 | 8:59 am
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයේ නියාමකවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ කොස්ගම, කලුඅග්ගල ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබුණි.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, එහිදී හංවැල්ල සිට ලබුගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් පරීක්ෂා කර නීති විරෝධි මෑන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය.
එම මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය එම ජාවාරම්කරු වෙත ලැබීම පිළිබඳව විමර්ශනය කිරීමේදී අනාවරණ වූ කරුණු අනුව හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊට ආධාර අනුබල දුන් තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 23 වැනි දා සැකකරුට එම මැන්ඩි මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ, සුරාබදු නියාමකවරයෙකු විසිනි.
ඒ අනුව අදාළ සුරාබදු නියාමකවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
එම වැටලීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට පත් වූ මැන්ඩි වර්ගයේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 653 යි මිලිග්‍රෑම් 380 ක් වන අතර එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, මත්ද්‍රව්‍ය, මෝටර් රථයක් සහ ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 5 ක් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
04 Jan, 2021 | 09:40 AM
04 Aug, 2020 | 12:02 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS